තානාපති තුමාගේ පණිවිඩය
"නවීන තාක්ෂණයේ හාස්කම් අතරින් වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව ප්‍රධාන තැනක් ගනී. අප දහම් පාසලේ ගත වූ වසර ගණනාවක් තුළ එම පාසලේ දියුණුව තකා කර ඇති විශේෂ මෙහෙවර පිලිබඳ ඔවුන්ගේ වෙබ් අඩවියෙන් මෙහි වෙසෙන ශ්‍රී ලංකික ජනතාවට පමණක් නොව ලොව අන් සියළු රටවල් හි වෙසෙන අයටද ප්‍රචලිත කොට ඔවුන් දැනුවත් කිරීමට උපයෝගී කරගෙන ඇත. ඔවුන්ගේ මෙම උත්සාහය අප කාගේත් පැසසුමට ලක්විය යුතුය.
නොබෝදා මෙම තානාපති කාර්යාලයට පැමිණීමෙන් පසු දහම් පාසලේ ක්‍රියාකාරකම් පිළිබඳව මම හොඳින් අධ්‍යයනය කර ඇති අතර, සෑම කටයුත්තකදීම සාර්ථකත්වය ලබා ඇති බව පෙනේ.
මෙම අවස්තාවේදී, මෙම වෙබ් අඩවියට මාගේ පණිවිඩය ඉතා කැමැත්තෙන් ලබා දෙන අතර දහම් පාසලේ කටයුතු ද එහි මුල් ගුරුතුමන් ඇතුළු අනෙකුත් දෙමාපියන්ගේ ධෛර්යය සහ උත්සාහය සාර්ථක පළ නෙලා ගැනීමට උපකාර වේවායි ප්‍රාර්ථනා කරමි."
මජින්ත ජයසිංහ
ගරු තානාපතිතුමා
අබුඩාබි,
එක්සත් එමීර් රාජ්‍යය