top of page

සිකුරාදා පාසලේ දෙමව්පිය කමිටුව

මෙම දෙමව්පිය කමිටුවේ මූලික අරමුණ වනුයේ ගුරු මණ්ඩලයට තම කාර්ය්‍යයන් පහසුවෙන් කරගෙන යාම සඳහා සහයෝගය දැක්වීමය. මේ අනුව ව්‍යාවස්ථාවෙන් දක්වා ඇති පරිදි දහම් පාසලෙහි අධ්‍යාපනයට අදාල කටයුතු ප්‍රධානාචාර්ය්‍ය තුමා යටතේ පැවැත්වෙන අතර ඉන් බාහිර ක්‍රියාකාරකම් එනම් වෙසක් භක්ති ගීත ගායනා, සිංහල අළුත් අවුරුදු උත්සව යන දෑ සංවිධානය කිරීම, තානාපති කාර්ය්‍යාලය සමඟ හා අනෙකුත් බාහිර ආයතන සමඟ සම්බන්ධීකරණය පැවැත්වීම යනාදිය දෙමව්පිය කමිටුවට භාර වී ඇත. 

 

එමෙන්ම දහම්පාසල් ව්‍යවස්ථානුකූලව දහම්පසලට සුදුසුකම් සපුරා ඇති ගුරුවරුන් ස්ව්ච්චා සේවය සදහා බදවා ගැනීම, එමෙන්ම දහම්පාසලේ විදුහල්පතිවරයා පත් කර ගැනීමකදී මනා ක්‍රියාවලියකට අධ්‍යාපන සහ අනෙකුත් සියලුම සුදුසුකම් සපුරා පුද්ගලයකු පත් කරගැනීම දෙමාපිය කමිටුවේ ප්‍රධාන කාර්යකි.    

 

සිකුරාදා පාසලේ වර්තමාන (විසිඑක් වන) කමිටුව පත් කර ගන්නා ලද්දේ  - 2023 / 2024

* ප්‍රදීප් ජයවර්ධන මහතා  - ගරු ලේකම් කාරක සභික

*  වින්ද්‍යා කල්දේරා මහත්මිය  - ගරු භාණ්ඩාගාරික කාරක සභික

*  චරිත මාපලගම මහතා  - ගරු කාරක සභික

*  සදත් ප්‍රනාන්දු මහතා  - ගරු කාරක සභික

*  සොනාලි සිල්වා මහත්මිය  - ගරු කාරක සභික

* ප්‍රසාද් ජයවික්‍රම මහතා- ගරු කාරක සභික

සිකුරාදා පාසල

Abu Dhabi Friday School is the first dhamma school registered in Government of Sri Lanka as a overseas entity. 

All the Government examinations are conducted at the school under the strict supervision of

Sri Lankan Embassy in abu Dhabi, UAE

Email: abudhabisikuradapasala@gmail.com

Address : The Embassy of Sri Lanka in UAE,
P.O. Box 45634, Abu Dhabi, UAE

© All right reserved | Abu Dhabi Dahampasala   |  Terms of Use  |   Privacy Policy

bottom of page